Tuesday, February 10, 2026
Follow Us
ජනාධිපති මාධ්‍ය අංශයෙන් ජනතාවට ඇරයුමක්

හෙට (13) උදේ 6.30ට පාරට එන්න


ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් ජනතාවට ඇරයුමක් සිදුකර තිබේ.

ඒ, ආසියානු ක්‍රිකට් ශූරයන් සහ දැල්පන්දු ශූරියන් පිළිගැනීමට එක්වන රැස්වන ලෙසටයි.

ආසියානු ශූරයින් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ දැල්පන්දු කණ්ඩායම දිවයිනට පැමිණීමෙන් අනතුරුව කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ දක්වා පැමිණීමට නියමිතව ඇත.

ඒ අනුව උදෑසන 6.30 සිට එම කණ්ඩායම් වෙත සුබපැතුම් එක්කිරීමට කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ දක්වා මාර්ගය දෙපස එක්රැස්වන ලෙස ජනතාව වෙත ඇරයුම් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Aruna