Tuesday, February 10, 2026
Follow Us
විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක්

ජනපතිගෙන් තවත් විශේෂ ගැසට් නිවේදනයක්


ආනයනනික බඩඉරිඟු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 10ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවා තිබේ.

පසුගිය 3 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

මෙලෙස අය කරන රුපියල් 10ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දෙන් රුපියලක් පමණක් අය කරගෙන ඉතිරි වටිනාකම ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා ශ්‍රි ලංකා ත්‍රිපෝෂ ලිම්ටඩ් ආයතනය වෙත ලබා දිය යුතු බව එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Aruna