Tuesday, February 10, 2026
Follow Us
රාජ්‍ය නිලධාරීන්ට වැටුප් රහිත නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිකුත් කළ නවතම චක්‍රලේඛය මෙන්න


රාජ්‍ය නිලධාරීන්ට දේශීය සහ විදේශීය වැටුප් රහිත නිවාඩු ලබා දීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් මායාදුන්නේ මහතාගේ අත්සනින් යුතුව එම චක්‍රලේඛය නිකුත් කර ඇත.

ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි උපරිමය වසර 05කට යටත්ව විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකන්ට මෙම විශේෂ නිවාඩුව සඳහා අයදුම් කළ හැක.

පසුගිය ජුනි මස 13 වනදා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මීට අදාළ තීරණය ගෙන තිබුණු අතර සැප්තැම්බර් මස 06 වනදා ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමිවිය.


Aruna