Tuesday, February 10, 2026
Follow Us
රේඩාර් ව්‍යාපෘතියේ අලාභය නිලධාරීන්ගෙන් අය කරගන්න විගණකාධිපති නිර්දේශ

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අයත් ගොන්ගල රේඩාර් ව්‍යාපෘතියෙන් රජයට සිදුවූ අලාභය ඊට වගකිව යුතු නිලධාරීන්ගෙන් අය කරගන්නා ලෙස විගණකාධිපතිවරයා විසින් නිර්දේශ කර තිබේ.

මීට වසර දොළහකට පෙර මෙම ව්‍යාපෘතිය ඉදිකර ඇත්තේ රුපියල් 402,800,000 ක වියදමින් වන අතර මේ වනවිට එය සම්පූර්ණයෙන්ම අසාර්ථකව යුධ හමුදා නිලධාරීන්ගේ තාවකාලික පාවිච්චිය සඳහා පවරා දී ඇති බව සඳහන්.

මෙම ව්‍යාපෘතියට ගෙන ආ රුපියල් 9,100,000 ක් වටිනා උපකරණ අස්ථානගතව ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් 4,900,000 ක් වශයෙන් අඩුකර සටහන් කර තිබෙන බවත් එමෙන්ම එම උපකරණ අස්ථානගත වීමට වගකිව යුතු නිලධාරීන් කිසිවෙකුත් හඳුනාගෙන නොමැති බවත් විගණකාධිපති වාර්තාවෙන් දක්වා ඇත.

ඒ අනුව උපකරණ අස්ථානගත වීමට මෙන්ම මෙතරම් විශාල මුදලක් වැයවුණු මෙම අසාර්ථක ව්‍යාපෘතියට වගකිව යුතු නිලධාරීන් අනිවාර්යයෙන්ම හඳුනාගෙන, මෙමගින් රජයට සිදුවූ අලාභය ඔවුන්ගෙන් අයකර ගන්නා ලෙසයි විගණකාධිපතිවරයා නිර්දේශ කර ඇත්තේ.

LNW