Tuesday, February 10, 2026
Follow Us
රාජ්‍ය සේවකයින්ට වසර 5 ක වැටුප් රහිත දේශීය නිවාඩු ලබාගැනීමට කැබිනට් අනුමැතිය

විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයින්ට දේශීය වශයෙන් වැටුප් රහිත නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ජේෂ්ඨත්වයට හානියක් සිදුනොවන පරිදි උපරිමය වසර 5 ක කාලයක් දක්වා වැටුප් රහිත නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා අමාත්‍ය මණ්ඩලය විසින් ජේ්‍යෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබුණා.

ඒ අනුව අදාළ කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සදහා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

Neth