Sunday, May 17, 2026
Follow Us
දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

ගංගාවල ජල මට්ටම ඉහළට


ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

එම සංවිධානය සදහන් කළේ කළුතර, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කළ බවයි.

මේ අතර ඉදිරි පැය 24 තුළ අත්තනගලු, කළු, කැලණි, ගිං සහ නිල්වලා ගංගා ආශ්‍රිත ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් එම ගංගාවල මේ වන විටත් ජල මට්ටම ඉහළ ගොස් ඇති බවයි වාර්තා වෙයි.

Aruna