Tuesday, February 10, 2026
Follow Us
පෝෂණ ඌනතාවයෙන් පෙළෙන පවුල් සඳහා 10000 ක මාසික දීමනාවක් !

ආර්ථික දුෂ්කරතා හේතුවෙන් අවම පෝෂණ මට්ටමක් හෝ සපුරා ගත නොහැකි පවුල් සඳහා රුපියල් 10,000 ක මුල්‍යාධාරයක් පිරිනැමීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. මෙම මාසයේ සිට වසරේ ඉදිරි කාලය සඳහා මෙම දීමනාව ලබාදෙනු ඇත.

පෝෂණ ඌනතාවයෙන් පෙළෙන පවුල් 61,000 ක් මේ සඳහා සුදුසුකම් ලබයි.

ලෝක ආහාර වැඩසටහන යටතේ මෙරටට ලැබෙන ආධාර යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බවයි මුදල් අමාත්‍යංශයේ ලේකම් කේ.එම්.එම්. සිරිවර්ධන මහතා ප්‍රකාශ කරන්නේ.

LNW