Tuesday, February 10, 2026
Follow Us
රට යන අයට මැලේරියා බෙහෙත් බොන්නලු

ලංකාවෙන් නැවතත් මැලේරියා රෝගීන් හමුවෙයි


විදේශගත වන සියලුම ශ්‍රී ලාංකිකයන් මැලේරියා රෝගයට දෙනු ලබන ඖෂධ පාවිච්චි කරන ලෙස හා එම ඖෂධ යම් ප්‍රමාණයක් රැගෙන යන ලෙසත් ජාතික මැලේරියා මර්දන මූලස්ථානය ඉල්ලා සිටියි.

අප්‍රිකාව, ඉන්දියාව, තායිලන්තය, සුඩානය ඇතුළු රටවල් ගණනාවක මැලේරියා රෝගය පවතින බව වාර්තා වී ඇති බැවින් විදේශගත වන ශ්‍රී ලාංකිකයන් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ යුතුව ඇති බව එම මූලස්ථානය ප්‍රජා වෛද්‍යවේදය පිළිබඳ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරි වෛද්‍ය නවීන් ද සොයිසා පවසයි.

මැලේරියා රෝගය බෝකරන පරපෝෂිතයා සිරුරට ඇතුල් වූ විට මදුරුවා එම රෝගය ප්‍රචලිත කරන බව ද ඔහු සඳහන් කරයි.

මැලේරියා රෝගය 2016 වන විට මුළුමනින්ම මෙරටින් තුරන් වී තිබූ අතර මේ වසරේ රෝගීන් විසි හත් දෙනෙක් වාර්තා වී ඇත.

Aruna