Wednesday, April 01, 2026
Follow Us
මහකන්නේ පොහොර ඔක්තොම්බරේ

ලෝක බැංකු ණය ආධාර යටතේ යූරියා


මහ කන්නය සඳහා පොහොර ලබාදීම ඔක්තෝම්බර් මාසයේ මුල් සතියෙන් ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඊයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේය.

එමෙන්ම, ලෝක බැංකු ණය ආධාර යටතේ ලබාදෙන යූරියා පොහොරද නොවැම්බර් මාසයේ මුල් සතිය තුළදී ගොවීන්ට ලබාදීමේ හැකියාව පවතින බවයි ඔහු තවදුරටත් සදහන් කළේ

මෙවර මහ කන්නයේ වගා කරන සියලු කුඹුරු අස්වැද්දීමට අවශ්‍ය ජල ධාරිතාවයද ප්‍රමාණවත් පරිදි පවතින බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Aruna