Tuesday, February 10, 2026
Follow Us
ප්‍රදේශ කිහිපයකටම නාය යාමේ රතු නිවේදන නිකුත් කෙරේ

පවතින අධික වර්ෂාපතනයත් සමග ප්‍රදේශ කිහිපයකට නාය යාමේ රතු අවදානම් නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කුරුවිට සහ ඇලපාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා ද නාය යාමේ රතු අවදානම් නිවේදන නිකුත් කර ඇත.

එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල, නාගොඩ සහ බද්දේගම ප්‍රා.ලේ. කොට්ඨාස සඳහාත් කළුතර දිස්ත්‍රික්කයේ වළල්ලාවිට සහ බුලත්සිංහල ප්‍රා.ලේ. කොට්ඨාස සඳහාත් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කහවත්ත, කලවාන සහ අයගම යන ප්‍රා.ලේ. කොට්ඨාස සඳහාත් දෙවැනි මට්ටමේ නාය යාමේ පූර්ව අනතුරු හැඟවීම් නිකුත් කිරීමට ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබේ.

LNW