Tuesday, February 10, 2026
Follow Us
අවිධිමත් පුද්ගල එකරාශිවීම් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සුදානම් - මහජන පරීක්ෂකවරුන් කියයි

නිරෝධායන රෙගුලාසි ලිහිල් කර තිබුණද, කොවිඩ් 19 රෝගය පැතිර යන ආකාරයෙන් අවිධිමත් ලෙස පුද්ගල ඒකරාශී වීම් සංවිධාන කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවධානය යොමුව ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ ජනතාව, රජය සහ සෞඛ්‍ය බලධාරීන් යන පාර්ශව 03 ම කොවිඩ් රෝගය මෙරටින් තුරන් වී ඇති පරිදි කටයුතු කරමින් සිටින බවයි.

පරීක්ෂණ මඟින් තහවුරු කර නොගත්තද රෝග ලක්ෂණ වෙත අවධානය යොමු කිරීමේදී කොරෝනා රෝගීන්ගේ ප්‍රමාණය ඉහල යන බව පැහැදිලිව නිරීක්‍ෂණය කළ හැකි බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මෙහිදී ප්‍රකාශ කළේ. එම තත්ත්වය පාලනය කිරීම සඳහා තම සංගමය ගත හැකි ඉහලම ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද ඔහු සදහන් කළා.

Neth