Tuesday, February 10, 2026
Follow Us
පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කිරීමට අයදුම්පත් යැවූ මව්පියන්ට තැපෑලෙන් දඩ

2023 වසරට 1 ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුලත් කිරීමට අදාලව පාසල්වලින් තමන් වෙත යොමු කර ඇති ලිපිය තැපැල් කාර්යාලයට දඩ මුදලක් ගෙවා ලබා ගැනීමට මව්පියන්ට සිදුව තිබෙනවා. සාමාන්‍යයෙන් අදාල අයදුම්පත් පාසල් වෙත යොමු කිරීමේදී ඒ සමඟ සිය ලිපිනය ලියූ ලියුම් කවරයක් සාමාන්‍ය තැපෑලෙන් යවන ලිපියකට අදාල මුද්දර අලවා මව්පියන් විසින් පාසල වෙත යැවිය යුතු වනවා.

ඉකුත් 15 වනදාට පෙර එලෙස අයදුම්පත සමඟ ලියුම් කවරයක් යැවූ මව්පියන් සාමාන්‍ය ලිපියකට අදාල තැපැල් ගාස්තු වන රුපියල් 15ක මුද්දර අලවා එම ලියුම් කවරය යවා තිබුණේ එම අවස්ථාවේ සාමාන්‍ය ලිපියක තැපැල් ගාස්තුව රුපියල් 15 ක පැවතීම හේතුවෙන්.

2023 වසරට 1 ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුලත් කිරීමට අදාලව ඇතැම් පාසල්වලින් මව්පියන් වෙත එම ලියුම් කවරයේ බහා ලිපි එවා තිබුණා. කෙසේ වෙතත් එම මව්පියන්ට, අදාල තැපැල් කාර්යාලවලින් දැනුම් දී ඇත්තේ ඉකුත් 15 වනදා සිට සාමාන්‍ය ලිපියක තැපැල් ගාස්තුව රුපියල් 50ක් දක්වා ඉහල දමා ඇති බවයි.

එබැවින් ඉතිරි මුදල සහ නියමිත දඩ මුදල ගෙවා සිය ලිපිය ලබා ගන්නා ලෙස ද තැපැල් කාර්යාල මගින් දන්වා ඇත්තේ. කෙසේ වෙතත් මව්පියන් පවසන්නේ එලෙස තමන්ට දඩ මුදලක් පැනවීම අසාධාරණ බවයි.

Neth