Tuesday, February 10, 2026
Follow Us
රුවන් ගුණසේකරට නව පත්වීමක්

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් නීති කොට්ඨාශයේ නව අධ්‍යක්‍ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර පත් කර තිබෙනවා.

මහජන ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයා විසින් එම පත් කිරීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර අධිකරණ ආරක්‍ෂණ කොට්ඨාශයේ අධ්‍යක්‍ෂ තනතුරේ මීට පෙර කටයුතු කළා.

Neth