Tuesday, February 10, 2026
Follow Us
හිඟ මහපොළ දීමනා ලබන සතියේ සිට

හිඟ වාරික ගෙවීමෙන් පසු ඉදිරි දීමනා සුපුරුදු පරිදි මාසිකව


මාස දෙකක කාලයක් නොගෙවා තිබූ විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොළ ශිෂ්‍යාධාර දීමනා ලබන සතියේ සිට ගෙවීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

ඒ අනුව ජුනි මාසයේ දීමනාව ලබන සතියේ හා ජූලි මාසයේ දීමනාව ඊළඟ සතියේ දි ලබාදීමට නියමිතය. මෙම දීමනා සඳහා අවශ්‍ය මුදල් ලබා දීමට මහා භාණ්ඩාගාරය එකඟතාව පළ කර තිබෙන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් ‘අරුණ’ කළ විමසීමකදී ඊයේ (25 වැනිදා) පැවසීය.

හිඟ වාරික ගෙවීමෙන් පසු සුපුරුදු පරිදි මාසිකව එම දීමනාව ලබාදෙන බවත් ඇමැතිවරයා කීවේය.

Aruna