Wednesday, February 11, 2026
Follow Us
ගමින් ගමට ආහාර සුරක්ෂිතතා කමිටු

බෝග නිෂ්පාදනය ඉහළ නංවන්න අලුත් වැඩක්


අගමැති දිනේෂ් ගුණවර්ධන ආහාර බෝග නිෂ්පාදනය ඉහළ නැංවීම සදහා නව වැඩපිළිවෙලක් පිළිබද අදහස් දක්වා ඇත.

ඒ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ඊයේ (24) පැවති දිසාපති සමුළුවට එක්වෙමින් ය.

පරිපාලනය සහ සංවර්ධනය ඒකාබද්ධ කර ඉදිරි දින 100 තුල ගම් මට්ටමින් ආහාර සුරක්ෂිතතා කමිටු පිහිටුවා ආහාර බෝග නිෂ්පාදනය ඉහළ නංවන ලෙස එහි දී සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ආධාර ලබාදෙන බවත් එය සාර්ථක කර ගැනීමට ගම් මට්ටමේ සිට ඉහළට
සැලසුම් සකස් කරන ලෙසයි අග්‍රාමාත්‍යවරයා එහි දී අවධාරණය කර ඇත.

එමෙන්ම දිස්ත්‍රික් ලේකම්වරුන්ට එහි දී දැනුම් දී ඇත්තේ පෞද්ගලික අංශය සහ ජනතාව සහභාගි කර ගනිමින් ආහාර සුරක්ෂිතතා සම්බන්ධයෙන් වැඩපිලිවෙලක් සකස් කරන ලෙස යි.

Aruna