Wednesday, April 01, 2026
Follow Us
කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයින්ගෙන් බහුතරයක් බුස්ටර් එන්නත ලබා නොගත් අයයි - සෞඛ්‍ය අමාත්‍යාංශය

කොරෝනා අසාධිතව දෛනිකව මිය යන වැඩි පිරිස කොරෝනා මර්ධන එන්නතේ බූස්ටර් මාත්‍රාව ලබා නොගත් අය බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පවසනවා.

මෙතෙක් තමන්ට හිමි මාත්‍රාව ලබා ගන්නා පුද්ගලයන්ට සිය මාත්‍රාව ලබාගන්නා ලෙසට අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ඉල්ලීමක්ද කළා.

කොරෝනා අවධානම මෙරටින් කිසිසේත් පහව ගොස් නොමැති බවයි එහිදී වැඩිදුටත් අදහස් දැක්වූ වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පැවසුවේ.

Neth