Wednesday, February 11, 2026
Follow Us
ගොවීන්ට ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදය ගැන කෘෂිකර්ම ඇමති කනස්සල්ලෙන්

කෘෂිකාර්මික කටයුතු සඳහා ඉන්ධන ලබාදීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ තමන්ට සෑහීමකට පත්විය නොහැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අස්වනු නෙලීමේ කටයුතු සඳහා අවශ්‍ය වන ඉන්ධන ප්‍රමාණවත්ව නොලැබෙන බවට ගොවීන්ගෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

මෙම ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ද දැනුවත් කර ඇති බවයි අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සදහන් කළේ.

 

Neth