Wednesday, February 11, 2026
Follow Us
අනිසි තොග රැස් කරන නිෂ්පාදකයින්ගේ බිත්තර රාජසන්තකයි

බිත්තර නිෂ්පාදකයින්ට විශේෂ දැනුම්දීමක්


අනිසි තොග රැස් කරන බිත්තර නිෂ්පාදකයින්ගේ බිත්තර තොග රාජසන්තක කරන බව වෙළෙඳ ඇමති නලීන් ප්‍රනාන්දු පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ බිත්තර සඳහා පාලන මිල පැනවීමත් සමග මෙම තීරණය ගත් බවයි.

(19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බිත්තර සඳහා පාලන මිලක් පනවමින් රජය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

ඒ අනුව සුදු බිත්තරයක් සඳහා රුපියල් 43 ක උපරිම සිල්ලර මිලක් පනවනු ලැබිණි.

දුඹුරු හා රතු පැහැති බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 45 කි.

Aruna