Wednesday, February 11, 2026
Follow Us
කාබනික පොහොර භාවිත කරන ගොවීන්ට රජයෙන් සහනාධාරයක්

ලබන මහ කන්නයේ වී වගාවට කාබනික පොහොර භාවිතා කරන ගොවීන් සඳහා පොහොර මිලදී ගැනීමට රුපියල් 20,000 බැඟින් සහනධාරයක් ලබාදීමට රජයේ අවධානය වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඒ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් කෝටි 1,600ක් බවයි අමාත්‍යවරයා පැවසුවේ.

මෙරට පරිසර හිතකාමී පොහොර නිෂ්පාදනය කරන කර්මාන්තකරුවන් සමඟ පැවති සාකච්ඡාවකදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මේ බව සදහන් කළා.

ඉදිරි මහ කන්නයේ වී වගා කිරීමේදී සියයට 70ක් රසායනික පොහොරද, සියයට 30ක් කාබනික පොහොරද යොදා ගන්නා ලෙස කෘෂිකර්ම දෙපාර්තමේනතුව හා කෘෂි ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන් විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයට නිර්දේශ කර තිබුණා.

Neth