Wednesday, February 11, 2026
Follow Us
තවත් දින කිහිපයකින් සපුගස්කන්ද යලි වැඩ

සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණයේ කටයුතු ඉදිරි දින කිහිපයේ යලි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සදහන් කළේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වානිජ කළමණාකරන සහ පිරිපහදු නිලධාරීන් සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි.

එමෙන්ම ලබන සැප්තැම්බර් මස සිට දෙසැම්බර් මාසය දක්වා බොරතෙල් ගෙන්වීමේ සැලසුම් පිළිබඳව එහිදී සාකච්ඡා කළ බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර නිකුත් කළ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ අතර විදුලිබිල ඉහල දැමීම සම්බන්ධයෙන් 43 වන සේනාංකයේ ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක 17 පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පල කළා.

Neth