Wednesday, February 11, 2026
Follow Us
ඉන්ධන කෝටාව අලුත් කරයි

අද(15) අලුයම 12:00 සිට QR කේතය යටතේ ලැබෙන ඉන්ධන කෝටාව ස්වයංක්‍රීය ලෙස යාවත්කාලීන කර තිබේ.

ඒ අනුව පසුගිය සතියේ QR කේතය අනුව වාහන සඳහා නිකුත් කළ ඉන්ධන ප්‍රමාණයන්ම මෙම සතියට යාවත්කාලීන ලෙස ලබාගත හැකිවනු ඇත.

මෙම සතියේ දත්ත විශ්ලේෂණයෙන් පසු එළැඹෙන සතිය සඳහා අත්‍යවශ්‍ය වෙනස්කම් සිදුකෙරෙන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේය.

ඉන්ධන කෝටාව වෙනස් විය හැකි බවට අනුමාන කිරීම් පැවතියද, බලධාරීන් විසින් මෙම සතිය සඳහා ද පසුගිය සතියේ ලබා දී ඉන්ධන ප්‍රමාණයම ලබා දී තිබේ.

යතුරුපැදි සඳහා පෙට්‍රල් ලීටර් 04යි.
ත්‍රීරෝද රථ සඳහා පෙට්‍රල් ලීටර් 05යි.
වෑන් රථ සඳහා පෙට්‍රල් ලීටර් 20යි.
කාර් රථ සඳහා පෙට්‍රල් ලීටර් 20යි.
ඉඩම් වාහන සඳහා පෙට්‍රල් ලීටර් 15.
ලොරි රථ සඳහා පෙට්‍රල් ලීටර් 50.

බස් රථ සඳහා ඩීසල් ලීටර් 40යි
ත්‍රීරෝද රථ සඳහා ඩීසල් ලීටර් 05යි.
වෑන් රථ සඳහා ඩීසල් ලීටර් 20යි.
කාර් රථ සඳහා ඩීසල් ලීටර් 20යි.
ඉඩම් වාහන සඳහා ඩීසල් ලීටර් 15.
ලොරි රථ සඳහා ඩීසල් ලීටර් 50.

 

Aruna