Wednesday, February 11, 2026
Follow Us
විදුලිබිල අඩුකර ගත හැකි ක්‍රම ගැන සුනිත්‍ය බලශක්ති අධිකාරිය පහදයි

විදුලිබිල ඉහළ දැමුණ ද නිසි කළමණාකරණයක් යටතේ විදුලිය භාවිත කිරීමෙන් මාසික විදුලි බිල අඩුකර ගත හැකි බව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පවසනවා. එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් හර්ෂ වික්‍රමසිංහ පැවසුවේ විදුලි බිල අවම කර ගැනීම සදහා අනවශ්‍ය විදුලි බුබුළු නිවා දැමීමට හුරුවීම ද ඉතා වැදගත් බවයි.

දෛනිකව වැඩිම විදුලි ඉල්ලුම පවතින පස්වරු 06 සිට රාත්‍රී 09 දක්වා කාලය තුළ විදුලිය පරිභෝජනය කිරීමේදී ඒ පිළිබඳ වැඩි අවදානයක් යොමු කළ යුතු බවයි ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් හර්ෂ වික්‍රමසිංහ වැඩිදුරටත් සදහන් කළේ.

අගෝස්තු මස 10 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල සියයට 75 ක සාමාන්‍ය අගයකින් වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිසම, ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දුන්නා.

NEth