Wednesday, February 11, 2026
Follow Us
සපුගස්කන්ද යළි වැඩ අරඹයි

තවත් බොරතෙල් රැගත් නෞකාවක් දිවයිනට


සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු ලබන සතියේ සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

දිවයිනට පැමිණි බොරතෙල් ගොඩබෑමෙන් අනතුරුව පිරිපහදුවේ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව කංචන විජේසේකර අමාත්‍යවරයා සඳහන් කළේය.

බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රැගත් නෞකාවක් ඊයේ (13) රාත්‍රියේ දිවයිනට ළඟාවීමට නියමිතව තිබූ අතර එහි සාම්පල් පරීක්ෂා කිරීමේ කටයුතු අද දිනයේ සිදු කිරීමට නියමිතය.

ඊට අමතරව ලබන 23 සහ 29 යන දින අතර කාලයේදී තවත් බොරතෙල් මෙට්‍රික් ටොන් 120,000ක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

Aruna