Wednesday, February 11, 2026
Follow Us
එළඹෙන සතියේ පාසැල් පැවැත්වෙන ආකාරය දැනුම් දෙයි

එළඹෙන සඳුදා සිට සතියේ දින 05 පුරාවට පාසල් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය අද තීරණය කර තිබෙනවා. ඒ අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රමුඛ බලධාරීන් විසින් අද පැවති සාකච්ජාවේදීය.

ප්‍රවාහන අපහසුතා සහිත ප්‍රදේශ වල විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ සිසුන් සඳහා සුදුසු ප්‍රවාහන වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා සියළුම පළාත් බලධාරින් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම සඳුදා සිට ආරම්භ වන පාසල් සතිය තුල ප්‍රවාහන අපහසුතා තවදුරටත් බලපාන ගුරුවරුන් සහ සිසුන් සඳහා සුදුසු පරිදි විදුහල්පතිවරුන් විසින් සහන ලබා දිය යුතු අතර, එම සහන ලබා දිය යුතු ක්‍රමවේද පිළිබද පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂකවරුන් විසින් විදුහල්පතිවරුන් දැනුවත් කරනු ඇත.

මේ අතර ඉදිරි තෙමසක කාලය තුල පාසල් කාලය විෂයය ඉගැන්වීම් සඳහාම යොදා ගත යුතු අතර, විෂය සමගාමී සහ විෂය බාහිර ක්‍රියාකාරකම් පාසල් කාලයෙන් පරිබාහිරව සිදු කිරීමටත් පාසල් වල පැවැත්වෙන උත්සව ආදිය තවදුරටත් සීමා කිරීමටත් වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.


Neth