Wednesday, February 11, 2026
Follow Us
ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචි මුළු සංඛ්‍යාව ලක්ෂ 51ක ඉක්මවයි

ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචි වී ඇති පුද්ගලයින් ගණන ඊයේ රාත්‍රී 08 වන විට පනස් එක් ලක්ෂ 38,259ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

ඊයේ දිනයේදී පමණක් පුද්ගලයින් 143,188 දෙනෙකු ඒ සඳහා ලියාපදිංචි වී ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ.

QR ක්‍රමයට පමණක් ඉන්ධන නිකුත් කිරීම ක්‍රියාත්මක වූ පළමු දිනය වන ඊයේ දිනයේදී දිවයින පුරා පිහිටි පිරවුම්හල් 820කින් ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචි පාරිභෝගිකයින් හාර ලක්ෂ 57,360 දෙනෙකු සඳහා ඉන්ධන නිකුත් කර තිබෙනවා. එළෙස නිකුත් කර ඇති සමස්ථ ඉන්ධන ලීටර් ප්‍රමාණය ලීටර් තිස් අට ලක්ෂ 50,615ක් වන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සදහන් කළේ.

Neth