Wednesday, February 11, 2026
Follow Us
ඉන්ධන මිල අද රාත්‍රීයේ පහළ යයි?

ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල පහළට


සති 02 කට වරක් සිදුකරන ඉන්ධන මිල සංශෝධනය අද රාත්‍රියේ සිදුකිරීමට නියමිතයි.

ලීටරයක් රුපියල් 50 ත් 100 ත් අතර ප්‍රමාණයකින් මෙම මිල පහළ දැමීම සිදු කරනු ඇතැයිද වාර්තා වේ.

සෑම මසකම පළමුවනදා සහ 15 වනදා ඉන්ධන මිල සංශෝධනය සිදුකිරීමට රජය තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පසුගියදා ඉගි පළකර තිබුණේ අද දිනයේදීත් බොහෝ දුරට ඉන්ධන මිලෙහි අඩුවීමක් සිදුවිය හැකි බවයි.

ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල පහත යෑමට සාපේක්ෂව මෙරට තෙල් මිල මෙලෙස අඩු කිරීමට තීරණය කර ඇති බව සඳහන්.

Aruna