Wednesday, February 11, 2026
Follow Us
ජනාධිපති ලේකම් කාර්යාලයේ කටයුතු යළි ඇරඹේ

ජනාධිපති ‌‌ලේකම් කාර්යාලයේ අලුත් වැඩියා කරයි


ජනාධිපති ලේකම් කාර්යාලයේ වැඩ කටයුතු යළි අද සිට ආරම්භ කර තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලය අරගලකරුවන් විසින් ග්‍රහනයට ගැනීමෙන් අනතුරුව එහි කටයුතු ඇණ හිටීය.

මේ අතර ඉදිරි දින කිහිපය ඇතුළත ජනාධිපතිවරයා ද ජනාධිපති කාර්යාලයේ සිට වැඩ ඇරඹීමට නියමිතව ඇති බවට තොරතුරු වාර්තා වේ.

මෙි වන විටත් ජනාධිපති කාර්යාලයේ අලුත්වැඩියා කටයුතු සිදු වෙමින් තිබෙන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

Aruna