Wednesday, February 11, 2026
Follow Us
මුව ආවරණ අනිවාර්ය කිරීමට සාකච්ඡා

නව කොවිඩ් ඔමික්‍රෝන් වයිරසය ව්‍යාප්ත වෙ‍යි


කොවිඩ් ව්‍යාප්තිය හමුවේ මුව ආවරණ යළි අනිවාර්ය කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද (25 වැනිදා) පැවැත්වීමට නියමිතය.

සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ලගේ ප්‍රධානත්වයෙන් වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් එය පැවැත්වෙයි.

නව කොවිඩ් ඔමික්‍රෝන් වයිරසය හේතුවෙන් මුව ආවරණ යළි අනිවාර්ය කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබුණි.

හිටපු සෞඛ්‍ය ඇමැති චන්න ජයසුමන විසින් කොවිඩ් තත්ත්වය සාමාන්‍ය වීමත් සමග මුව ආවරණ අනිවාර්ය කර තිබූ නියෝගය අවලංගු කරන ලදී.

Aruna