Wednesday, February 11, 2026
Follow Us
ෆයිසර් එන්නතේ කල් ඉකුත් වීමේ දිනය දීර්ඝ කෙරේ

ෆයිසර් එන්නත් ගැන චක්‍රලේඛයක්


මෙම මස අවසානයේ කල් ඉකුත් වීමට නියමිතව තිබූ ෆයිසර් කොවිඩ් මර්දන එන්නත්වල කල් ඉකුත් වීමේ කාලය දීර්ඝ කර තිබේ.

අදාළ සමාගමේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත එම එන්නත්වල කල් ඉකුත් වීමේ කාලය මාස 03කින් දීර්ඝ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

ඒ අනුව, මෙරටට ආනයනය කර තිබූ කාණ්ඩ 04කට අයත් මිලියන 07කට අධික ෆයිසර් එන්නත් තොගයක කල් ඉකුත් වීමේ කාලය මාස 03කින් දීර්ඝ කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනාරාල්වරයා විසින් චක්‍රලේඛයක්ද නිකුත් කර තිබේ.

ජුලි මස 31 වන දින කල් ඉකුත්වීමට තිබූ මෙම එන්නත් තොගයේ කල්ඉකුත්වීමේ කාලය ඔක්තෝබර් මස 31 වනදා දක්වා දීර්ඝකර ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේය.

Aruna