Wednesday, February 11, 2026
Follow Us
ජනාධිපති මන්දිරයේ පියගැටපෙළ හදන්න කෝටි දහයක්

පුරාවිද්‍යා නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් පියගැටපෙළ යළි ඉදිවෙයි


අරගලකරුවන් ජනපති මන්දිරයට කඩාවැදීමෙන් පසු හානි සිදු වූ ඉහළ මාලයට ප්‍රවිශ්ඨ වීමේ පියගැටපෙළ ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් කෝටි දහයකට වඩා වැඩි මුදලක් වැයවෙනු ඇතැයි පුරාවිද්‍යා නිලධාරීන් පෙන්වා දී ඇත.

මේ වන විට සොල්දරයේ බාල්ක තුනක් පමණ ගැලවී පුරාවිද්‍යා වටිනාකමකින් යුත් පියගැටපෙළට හානි සිදු වී ඇති නිසා එය අලුතින්ම සකස් කිරීමට සිදුවී තිබේ.

පුරාවිද්‍යා නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මෙම පියගැටපෙළ යළි ඉදිකිරීමට නියමිතය.

දැනට මෙහි ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති දේපොළවලට සිදු වී ඇති හානිය ගණනය කළ නොහැකි බව එම නිලධාරීහු රජයට පෙන්වා දී ඇත.

Aruna