Wednesday, February 11, 2026
Follow Us
පොලීසියෙන් විශේෂ නිවේදනයක්

සැකකරුවන් අද දිනයේ අධිකරණයට


ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ සිදුවූ ඕනෑම අපරාධයක් පිළිබඳව විද්‍යාත්මක සාක්ෂි ලබාගැනීමට කොළඹ මධ්‍යම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා යටතේ විශේෂ කණ්ඩායමක් පත්කර තිබේ.

එමෙන්ම අද අලුයම ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය එක්ව සිදු කළ මෙහෙයුමේ දී ජනාධිපති කාර්යාලය සහ එහි ප්‍රධාන දොරටුව ඇතුලු අවට පරිශ්‍රයේ රැඳී සිටි විරෝධතාකරුවන් ඉවත් කරන අවස්ථාවේදී සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගත් බව එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Aruna