Wednesday, February 11, 2026
Follow Us
පාසල් පැවැත්වෙන්නේ දින තුනයි

පාසල් පවත්වාගෙන යාමට උපදෙස් මාලාවක් දෙයි


එළඹෙන සඳුදා (25) සිට නැවත දැනුම්දෙන තුරු සතියේ සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දින 3 පමණක් සාමාන්‍ය වේලාවන්හීදි පාසල් පැවැත්විය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එලෙස පාසල් නොපැවැත්වෙන බදාදා සහ සිකුරාදා දිනවලදී සිසු සිසුවියන්ට නිවසේ සිට ඉගෙනුම් ක්‍රියාකාරකම් ලබාදීම හෝ මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් සිදුකළ යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දෙයි.

පාසල් ආරම්භ කර පවත්වාගෙන යාමට උපදෙස් මාලාවක් අධ්‍යාපන අමාත්‍යාංශය යොමුකර තිබේ.

Aruna