Wednesday, February 11, 2026
Follow Us
පාසල් ආරම්භය කරන දිනය කල් යයි

පාසල් පවත්වාගෙන යාමට උපදෙස් මාලවක්


රජයේ සහ රජයේ අනුමත පාසල් ආරම්භ කිරීම නැවත කල්දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඒ අනුව එළඹෙන 25 වනදා නැවත පාසල් ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

එලෙස පාසල් ආරම්භ කර පවත්වාගෙන යාම සඳහා පළාත් අධ්‍යාපන ලේකම්වරු, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කොට්ඨාශ භාර නියෝජ්‍ය සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ සියලුම විදුහල්පතිවරුන් වෙත උපදෙස් මාලාවක් යොමුකර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

Aruna