Wednesday, February 11, 2026
Follow Us
විදුලි කප්පාදු වේලාව තවත් වැඩිවෙයි

හෙට සිට විදුලිය කැපෙන්නේ මෙහෙමයි


දැනට සිදුකෙරන විදුලි කප්පාදු වේලාව තවත් දිගු කිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව හෙට සිට පැය 3යි විනාඩි 40ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇත.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා පෙරවරු කාලයේදී පැය 2යි විනාඩි කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතය.

එම කලාප සඳහා පස්වරු කාලයේදී පැය 01යි විනාඩි 20ක් විදුලිය විසන්ධි කිරීමට සැලසුම් කර තිබේ.

CC කලාප සඳහා පෙරවරු 6 සිට පෙරවරු 8.30 දක්වා පැය 2යි විනාඩි 30 විදුලි කප්පාදුවන් සිදුවෙනු ඇත.

මේ අතර M, N, O, X, Y, Z කලාප සඳහා පෙරවරු 5.30 සිට පෙරවරු 8.30 දක්වා පැය 3ක විදුලි කප්පාදුවන් සිදුකිරීමට නියමිතය.

Aruna