Wednesday, February 11, 2026
Follow Us
විදේශීය තැපැල් ගාස්තු ඉහළට

තැපැල් දෙපාර්තමේන්තුව ගත් තීරණය


විදේශ තැපෑල සම්බන්ධයෙන් සිදුකරන සේවා ගාස්තු ඉහළ නැංවීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

අගෝස්තු පළමු වනදා සිට එම ගාස්තු වැඩි වීම සිදුවන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසුවේය.

පවතින ඉන්ධන අර්බුදය හමුවේ මෙරටට පැමිණෙන ගුවන් ගමන් සීමා කිරීම සහ අත්හිටුවීම හේතුවෙන් අමෙරිකාව, නෙදර්ලන්තය , ඊශ්‍රායලය සහ රුසියාව යන රටවලට තැපැල් භාණ්ඩ භාර ගැනීම තවදුරටත් අත්හිටුවා ඇති බව තැපැල්පතිවරයා සඳහන් කළේය.

Aruna