Thursday, February 12, 2026
Follow Us
ජනපතිගේ ඉල්ලා අස්වීම මෙතෙක් නැහැ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කර ඇතැයි රජයේ වගකිව යුතු කිසිඳු පාර්ශවයක් විසින් මෙතෙක් තහවුරු කර නැහැ.

ඉකුත් 09 වනදා රට තුළ පැවැති නොසන්සුන්කාරී වාතාවරණයෙන් පසු තමන් ජූලි මස 13 වනදා සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව තමන්ට දැනුම්දුන්නේ යැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉකුත් දා ප්‍රකාශ කළා.

කෙසේවෙතත් ඊයේ අලුයම ජනාධිපතිවරයා දිවයිනෙන් පිටත්ව මාලදිවයින බලා ගොස් තිබූ අතර ඒ වනවිටත් කිසිඳු ලිපියක් කථානායකවරයා වෙත යොමු කර තිබුණේ නැහැ. පසුව කථානායකවරයා ඊයේ ප්‍රකාශ කළේ ඊයේ දිනය තුළ තමන්ට අදාළ ලිපිය යොමු කරන බවට ජනාධිපතිවරයා විසින් තමන්ට දැනුම් දුන් බවයි.

ඊයේ රාත්‍රියේත් කථානායකවරයා ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා යාමට නියමිත බැවින් එරටට ළගා වූ පසු ඉල්ලා අස්වීමේ ලිපිය තමන් වෙත යොමු කරන බව දන්වා ඇති බවයි.

Neth