Thursday, February 12, 2026
Follow Us
ගෝඨාභයට සිංගප්පූරුවට යන්න බැරි වෙයි

ආරක්ෂක තත්ත්වය හේතුවෙන් ගමන බාධා


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා යමට නොහැකි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ මාලදිවයිනේ සිට ඊයේ රාත්‍රියේ සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතව තිබුණි.

වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ සිංගප්පූරු ගුවන් සමාගමකට අයත් ගුවන් යානයකින් ජනාධිපතිවරයා සිංගප්පුරුව බලා පිටත්ව යාමට නියමිතව තිබුණ ද ආරක්ෂක තත්ත්වය හේතුවෙන් එය මගහැරි ඇති බවය.

ඒ අනුව ජනාධිපතිවරයා මාලදිවයිනේ සිට පෞද්ගලික ගුවන් යානයකින් සිංගප්පූරුව බලා පිටත්ව යාමට සැලසුම් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මේ අතර ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය මෙතෙක් කථානායකවරයා වෙත යොමුකර නොමැත.

Aruna