Thursday, February 12, 2026
Follow Us
ජනාධිපතිගේ ඉල්ලා අස්වීමේ ලිපිය අද දිනය තුළ ලැබෙනවා

කතානායක විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියයි


ජනාධිපතිවරයා මීට සුලු මොහොතකට පෙර තමන්ට දුරතනයෙන් කතා කරමින් කලින් සැලසුම් කළ පරිදිම තමන් අද(13) ජනාධිපතිධුරයෙන් ඉල්ලා අස්වන බව දැනුම් දුන් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය අද දිනය තුළ කතානායකවරයා වෙත ලැබෙන්නට සලස්වන බවද ප්‍රකාශ කළ බව කතානායකවරයා දැනුම් දුන්නේය.

පසුව පාර්ලිමේන්තුව තුළ සැලසුම් කළ වැඩපිළිවෙල මේ මස 20 වැනි දින නව ජනාධිපතිවරයකු පත් කර ගත් පසු අවසන් වන බැවින් එතෙක් ජනතාවට සාමදානව සිටින ලෙසත් කතානායකවරයා ඉල්ලීමක් කරයි.

Aruna