Thursday, February 12, 2026
Follow Us
ධුරයෙන් ඉල්ලා අස්වීමට පෙර ජනපති සිදුකළ යුතු දේ ගැන නිර්පාක්ෂික අරගලකරුවන් කියයි

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත්වීමට පෙර අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරිය යුතු බව නිර්පාක්‍ෂික අරගලකරුවන් පවසනවා.

එහි ජාත්‍යන්තර නියෝජනය කරන ස්විට්සර්ලන්තයේ වෙසෙන වෛද්‍ය නිලංග සමරසිංහ පැවසුවේ එලෙස අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරීමෙන් බහුතර බලයෙන් ජනාධිපතිවරයෙකු සහ අග්‍රාමාත්‍යවරයෙකු තෝරා පත් කර ගැනීමේ බලය පාර්ලිමේන්තුවට හිමිවන බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, අලුතින් පත් කෙරෙන අමාත්‍ය මණ්ඩලයක අමාත්‍යධූරයක් භාරගැනීම තමන්ගේ කිසිඳු විරුද්ධත්වයක් නොමැති බවයි නිර්පාක්‍ෂික අරගලකරුවන්ගේ ජාත්‍යන්තර නියෝජිතයෙකු වන ස්විට්සර්ලන්තයේ වෙසෙන වෛද්‍ය නිලංග සමරසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

Neth