Thursday, February 12, 2026
Follow Us
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ජනතාවගෙන් කළ ඉල්ලීම

“සාමය ආරක්ෂා කරගැනීම සඳහා ත්‍රිවිධ හමුදාවට සහය දෙන්න”


රටේ අර්බුදය ව්‍යවස්ථානුකූලව විසඳා ගත හැකි වාතාවරණයක් උදාවී ඇති බැවින් සාමය ආරක්ෂා කරගැනීම සඳහා ත්‍රිවිධ හමුදාවට සහය දෙන්නැයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඔහු ප්‍රකාශ කළේ රටේ ඇති වී තිබෙන අර්බුදකාරී වාතාවරණය සාමකාමීව සහ ව්‍යවස්ථානුකූලව නිරාකරණය කර ගැනීමට අවස්ථාවක් ලැබී ඇති බවයි.

එබැවින් මේ මොහොතේ රටේ සාමය ආරක්ෂා කිරීම ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය වෙත අවශ්‍ය සහාය ලබාදෙන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලයි.

Aruna