Monday, September 28, 2026
Follow Us
යූරියා නෞකාව දිවයිනට පැමිණෙයි

පොහොර බෙදාහැරීම හෙට සිට


යූරියා පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් පොහොර නෞකාව මීට ස්වල්ප මොහොතකට පෙර කොළඹ වරායට ළඟා වී ඇත.

එහි පොහොර ගොඩබෑම අද (09) දිනම සිදුකෙරෙන අතර හෙට (10) දින ඉන්දීය මහකොමසාරිස්වරයා විසින් නිල වශයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයාට බාරදීමට නියමිතය.

කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ හෙට දින සිට දිවයින පුරා මෙම පොහොර බෙදාහැරීම ආරම්භ කරන බවයි.

Aruna