Thursday, February 12, 2026
Follow Us
වන්දි ගෙවීමට පත්කළ කොමිසමේ පැමිණිලි භාරගැනීමේ කාලය දීර්ඝ වෙයි

රජය ගත් තීරණය


2022 මාර්තු 31 දින සිට මැයි 15 දක්වා දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ විනාශකාරී ක්‍රියාවන් නිසා දේපළ හානියට පත්වූ පුද්ගලයින්ට වන්දි ගෙවීමට රජය තීරණය කර තිබේ.

වන්දි ගෙවීමේ ප්‍රමාණය තක්සේරු කිරීම සහ සුදුසු පුද්ගලයින්ට වන්දි ගෙවීමේ ක්‍රියාවලිය තීරණය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කළේය.

ඒ අනුව මේ සඳහා පැමිණිලි ඉදිරිපත් කිරීමට ලබාදී තිබූ අවසන් දිනය 2022.07.08 දින සිට 2022.07.22 දක්වා දීර්ඝ කිරීමට කොමිෂන් සභාව තීරණය කර තිබේ.

Aruna