Thursday, February 12, 2026
Follow Us
පාසැල් විෂය නිර්දේශ නියමිත වසර තුළ ක්‍රියාත්මක කළ හැකිදැයි අධ්‍යනය කරමින් සිටිනවා - අධ්‍යාපන ලේකම් කියයි

පාසැල් විෂය නිර්දේශ නියමිත වසර තුළ ක්‍රියාත්මක කළ හැකිදැයි මේ වන විට අධ්‍යනය කරමින් සිටන බව අධ්‍යාපන ලේකම් නිහාල් රණසිංහ පවසනවා. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් ඔහු සඳහන් කළේ එලෙස පාසැල් විෂය නිර්දේශ නියමිත වසර තුළ ක්‍රියාත්මක කිරීමට නොහැකි නම් ඒ වෙනුවෙන් ඉදිරියේදී නව වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන බවයි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් ඊට අදාළ කටයුතු මේ වන විටත් සිදුකරමින් ඇති බව අධ්‍යාපන ලේකම් නිහාල් රණසිංහ මෙහිදී සඳහන් කළා.

Neth