Thursday, February 12, 2026
Follow Us
සංචාරක ව්‍යාපාරයේ නිරතවන්නන්ට විශේෂ ඉන්ධන කූපන්

සංචාරක ව්‍යාපාරයේ නිරතවන්නන්ට ඉන්ධන ලබාදීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ අනුව සංචාරක අමාත්‍යාංශයේ ලියාපදිංචි රියදුරන්ට, ලබාදී ඇති ක්ෂණික දුරකථන අංක වෙත කතාකර ඔවුන්ගේ ගමන් විස්තරය ලබාදීමෙන් පසු අවශ්‍ය ඉන්ධන ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එසේම ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ කාර්යාලයට පැමිණ අදාළ තොරතුරු ලබාදීමෙන් අනතුරුව ද ඉන්ධන කූපන් ලබාගැනීමට හැකි බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

image 18 768x1086

LNW