Thursday, February 12, 2026
Follow Us
ඉන්ධන පිරවුම්හල් සදහා දැඩි ආරක්ෂාවක්

ඉන්ධන ලබාදීමේදී රාජ්‍ය නිලධාරීන්ට ප්‍රමුඛතාව


දිවයිනේ බොහෝ ඉන්ධන පිරවුම්හල් සදහා විශේෂ ආරක්ෂාවක් යෙදවීමට රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව, පොලීසිය මෙන්ම යුද හමුදාව ද යොදවා ඇත.

අත්‍යඅවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කරන ලෙස දැනුම්දීමත් සමඟ විවිධ ප්‍රදේශවල ජනතාව ඉන්ධන පිරවුම්හල් අසළ කලබලකාරී තත්ත්වයක් ඇති කර තිබිණි.

මේ හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

කෙසේ නමුත් රාජ්‍ය නිලධාරීන්ට ප්‍රමුඛතාවය ලබා දෙමින් එම ඉන්ධන හල් තුලින් ඉන්ධන නිකුත් කිරිම සිදු කෙරිණි.

Aruna