Thursday, February 12, 2026
Follow Us
උපත්, විවාහ සහ මරණ සහතික පිටපත් සඳුදා සහ බදාදා පමණයි

සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශ වෙතින් සපයනු ලබන උපත්,විවාහ සහ මරණ සහතික පිටපත් සඳුදා සහ බදාදා දින දෙක තුලදී පමණක් සිදු කිරීමට පියවර ගෙන ඇත.

එමෙන්ම ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලවල සේවාවන්ද එම දින දෙකේදී පමණක් සිදු කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

එම සේවාවන් පෙරවරු අටයි තිහේ සිට පස්වරු හතර දක්වා ක්‍රියාත්මක වේ. රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ලේ සුහුරුපාය පරිශ්‍රයේ පිහිටි ශාඛාව සහ කුරුණෑගල, මහනුවර,මාතර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ශාඛා කාර්යාල අයත් වන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශ සතියේ දින 05 තුලදී අදාල සේවාවන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේ.

Aruna