Thursday, February 12, 2026
Follow Us
උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ ගැන දැනුම්දීමක්

විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරයි


අපොස උසස් පෙළ විභාගය – 2021 (2022) ප්‍රායෝගික පරීක්ෂණ සම්බන්ධයෙන් දැනුවත් කරමින් විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ මෙම විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂයයෙහි ලිඛිත විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ දිවයින පුරා පැවැත්වීමට කටයුතු සලසා ඇති බවය.

ඊට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ 2022.06.29 දින සිට 2022.07.09 දින දක්වා පැවැත්වීමට නියමිතය.

 1

Aruna