Thursday, February 12, 2026
Follow Us
සති 03ක් යන තුරු විදුලි කප්පාදුව දිගු නොවන බවට සහතිකයක්

ඉදිරි සතියක පමණ කාලයක් සඳහා විදුලි කප්පාදුව පැය තුනක මට්ටමේ පවත්වාගෙන යාමට ප්‍රමාණවත් ඉන්ධන සංචිත ලංකා විදුලි මණ්ඩලය සතුව පවතින බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. සතියකින් පසු එළඹෙන කාල සීමාවේදීද විදුලි කප්පාදුව පැය තුනකට පමණක් සීමා කිරීමට හැකි වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු කියා සිටියා.

ඉන්ධන ගෙන්වීම ප්‍රමාද උවහොත් ඉදිරියේදී විදුලිය කප්පාදු කෙරෙන කාලය දීර්ඝ වීමේ අවධානමක් පවතින බවද මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා පැවසුවා.

මේ අතර යෝජිත විදුලි ගාස්තු සංශෝධනය මහජන අදහස් විමසුම සඳහා අද ප්‍රසිද්ධියට පත් කෙරෙනවා. මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසුවේ එම යෝජනාවලිය සම්බන්ධයෙන් අද සිට දින 21ක් ඇතුලත මහජනතාවට යෝජනා සිය කොමිසම වෙත ඉදිරිපත් කල හැකි බවයි.

ලංකා විදුලිබල මණ්ඩලය සියයට 82ක ගාස්තු ඉහල දැමීමක් සඳහා අනුමැතිය ඉල්ලා තිබුණද බහුතර ගෘහස්ත විදුලි පාරිභෝගිකයින් සඳහා සහනයක් වශයෙන් අදාල ගාස්තු වැඩි කිරීම සියයට 57කට නොවැඩි විය යුතු බව මහජන උපයෝගිතා කොමිසම යෝජනා කර තිබෙනවා.

Neth