සලාක ක්‍රමයට පොහොර බෙදා දෙයි
ජුලි 06 වනදා මෙරටට ළඟාවීමට නියමිතව තිබූ යූරියා මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාව දින දෙකකින් ප්‍රමාද වන බව කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන පවසයි.
එම පොහොර අවශ්‍ය දිස්ත්‍රික්කවලට සලාක ක්‍රමවේදයක් යටතේ රු.10,000ක් වැනි මිලකට බෙදාහැරීමට නියමිත බව ඔහු ප්‍රකාශ කළේය.
දුෂ්කරතා මධ්‍යයේ වුවද ගොවීන් මේ වනවිටත් පොහොර අපේක්ෂාවෙන් වගා කටයුතු සිදුකරගෙන යන අයුරු බොහෝ ප්‍රදේශවල දැකිය හැකිය.
කෘෂි රසායන නොමැතිකමින් පොළොන්නරුව ඇලහැර ගොවි ජනපද ව්‍යාපාරයේ බකමූණ සරුබිම හා බටුහේන ප්‍රදේශවල ලූනු වගාකරුවන්ද මේ වනවිට දැඩි දුෂ්කරතාවට පත්ව සිටී.
පොහොර සහ කෘමිනාශක නොමැතිවීව පීඩාවිඳින දඹුල්ල එළවළු ගොවීන්ට මේ වන විට භූමිතෙල් හිඟයෙන්ද බලපෑම් එල්ල වී තිබේ.
වගාවන්ට ජලය යෙදීම සඳහා යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය භූමිතෙල් නොමැතිවීමෙන් වගා විනාශවීමේ අවදානමට ලක්ව ඇති ආකාරය දක්නට ලැබේ.
Aruna