Thursday, February 12, 2026
Follow Us
කොළඹ දිසා අධිකරණයේ වැඩ කටයුතු සීමා කරයි

දිසා අධිකරණයේ වැඩකටයුතු පිළිබඳ සවිස්තර දැනුම්දීමක්


අද (28) සිට ලබන පළවෙනිදා දක්වා කොළඹ දිසා අධිකරණයේ වැඩ කටයුතු සීමා කර තිබේ.

කොළඹ දිසා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ ලිපියක දැක්වෙන්නේ අද (28) සිට ජුලි මස පළමුවෙනිදා දක්වා කොළඹ දිසා අධිකරණයේ වැඩ කටයුතු සීමා කෙරෙන බවයි.

වාරන නියෝග ඉල්ලීම් ඉදිරිපත් කරමින් අත්‍යවශ්‍ය හදිසි කරුණු මත පවරනු ලබන පැමිණිලි මෝෂන් පත්‍ර සමග අදාළ දින පෙරවරු 10.00 වන විට ලේඛනාගාරයට භාර දිය යුතු බවට මෙම ලිපිය හරහා දැනුුම් දී ඇති අතර එදිනම එම නඩුව කැඳවන්නේ නම් එදින පෙරවරු 10.30 ට පෙර දැනුම් දෙන බවත් එම නියෝගයේ සඳහන් වේ.

මීට අමතරව කරුණු හයකින් සමන්විත මෙම ලිපිය හරහා දිසා අධිකරණයේ වැඩකටයුතු පැවැත්වෙන ආකාරය පිළිබඳ සවිස්තර දැනුම්දීමක් සිදුකර තිබේ.

Aruna